Home අද විශේෂ දැනුම්දීමයි : මෙවර සංශෝධනයෙන් විදුලි බිල වැඩිකර නෑ – නියෝජ්‍ය ඇමති...

විශේෂ දැනුම්දීමයි : මෙවර සංශෝධනයෙන් විදුලි බිල වැඩිකර නෑ – නියෝජ්‍ය ඇමති සරත් කියයි !

80
0

මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි බිල වැඩි කිරීමක් සිදුකර නැති බවත් සිදුකර ඇත්තේ ජනතාවට දරන්නට පුළුවන් මට්ටමකට විදුලි බිල ගෙන එමක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සඳහන් කරයි.

ඒ අනුව අදටත් විදුලි බිල පසුගිය ආණ්ඩු සමයට වඩා 15%කින් අඩුකර ඇති බවද ඔහු පවසයි.

නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මේ බව සඳහන් කර සිටියේ නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමිනි .

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

30කට වඩා විදුලිබිල අඩුවීමක් පහුගිය කාලේ කරා. එතකොට ඒක දැනට බිදුලිබල මණ්ඩලයට ඒ ප්‍රමාණය දරන්න බැහැ කියලා තමයි නව සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ.

විදුලිබිල අඩු කරලා නැවත ඒ බිලේ බර දරන්න වෙන්නේ කාටද ? විදුලිබිල වැඩි කරලා තියෙන්නේ වියදමට සාපේක්ෂවනේ එතකොට ඒක ඒ බර අඩු වෙච්ච එක දරන්න ඕනේ කවුද ? ඒක දරන්න ඕනේ මේ රටේ ජනතාව…

නිෂ්පාදන වියදමට සරිලන මිලක් මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් තියලා තියෙනවා.

එහෙම නැතුව මේ විදුලිබිල වැඩි කරලා නෙමෙයි තියෙන්නේ. ඒ කොමිසන් සභා කියනවා ජනතාවට දරන්න පුළුවන් වෙන මිලක් මේ තීන්දු කරලා තියෙන්නේ.

මීට වඩා අඩු කරොත් මහා භාණ්ඩාගාරය දරන්න ඕන වෙන බදුවලින්. ඉතින් ඒකත් ජනතාව දරන්නේ.

වැඩි ලාභයක් ලබමින් ඉදලා වැඩි කරනවා නම් තමයි වැරදියි. මීට කලින් එහෙම සිද්ධ වුණේ එහෙමයි.

දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක නෙවෙයි. ඒ සමස්ත ගත්තු ණයත් දැන් යන පිරිවයත් සංසන්දනය කරලා ජනතාවට දෙන්න පුළුවන් ඉහළම මිලා අපි දීලා තියෙන්නේ.

මේ වැඩි කරලා නෙවෙයි තියෙන්නේ , ජනතාවට දරන්න පුළුවන් මට්ටමකට විදුලිබිල ගෙනීම තමා මේ කරලා තියෙන්නේ.”

කඩවුණු පොරොන්දුවක් !

කෙසේවෙතත් පසුගිය මැතිවරණ සමයේ ජාතික ජනබලවේගය පක්ෂය ප්‍රමුඛ එහි නායකත්වය පොරොන්දුවූයේ තම පාලනයක් යටතේ පවතින විදුලි ගාස්තු ඉතාම කෙටි කාලයක් තුළ තුනෙන් එකකින් අඩුකරන බව යැයි විදුලි පාරිභෝගික සංගම් සිහිපත් කර සිටියි.

ඒ සඳහා වන වැඩපිළිවෙලක් ඒ වන විටත් සකස්කර ඇති බවද එහිදී සඳහන් කෙරුණද එවැනි සැලැස්මක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති බවත් මෙයත් වත්මන් ආණ්ඩුවේ තවත්  කඩවුණු පොරොන්දුවක් බවත් ඔවුන් චෝදනා කරයි

Previous articleනොනිදා පහන් කල කොළඹ පුරපති සටන!!
Next articleජනපති අනුරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයකු අවශ්‍යයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here