කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී පළමුව නගරාධිපති ධූරය සහ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා ජන්ද විමසීමක් සිදුකිරීමට නියමිතය.
එහිදී කෙසේ හෝ රහස් ජන්දයක් ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ වෙනුවන් මේ වන විටත් තමන්ට හිතවාදී සමාජ මාධ්‍ය ඇතුලු වෙබ් අඩවි හාරහා මතවාදය සකස් කිරීමේ මෙහෙයුමක්ද දියත්කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
වැඩිදුරටත් වාර්තා වන ආකරයට පසුගිය පළාත් පාලන මැතිවරණය හමුවේ කොළඹ මහ නගර සභාවේ කිසිඳු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩයමක් 50% ක් ගෙන නොතිබූ බැවින් නගරාධිපති ධූරය සඳහා සහ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීම සිදුවන්නේ පළාත් කොමසාරිස් ගේ මැදිහත්වීමෙනි.
එහිදී පළමුව සිදුවිය යුතුව තිබෙන්නේ මෙම ධූර තෝරාගැනීම සඳහා පවත්වන්නේ රහස් ජන්දයක්ද නැතිනම් විවෘත ජන්දයක්ද යන්න සම්බන්ධව තීරණයක් ගැනීමය. එයද සිදුවිය යුත්තේ සභාව සඳහා තේරීපත්වූ නියෝජිතයන්ගේ ජන්දයෙනි.
මේ වන විට කොළඹ මහ නගර සභාවේ බහුතරය විපක්ෂය තහවුරු කර ගෙන ඇති නිසාත්, අපවාදයක් නොමැතිව කිසියම් වරදානයක් හරහා විපක්ෂය පාර්ශ්වයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හෝ ස්වාධීන නියෝජිතයන්ගේ සහාය ජාතික ජනබලවේගයට ගැනීමට අවස්ථාවක් තිබෙන්නේ රහස් ජන්දයක් හරහා පමණි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජාතික ජනබලවේගය මේ වනවිට අවස්ථා කිහිපයකදී මේ උපක්‍රමය හරහා සභා කිහිපයක බලය අත්කරගෙන තිබේ. ඒ ඇතැම් සභා වල කොමසාරිස්වරුන් ගේ හැසිරීම ස්වාධීන නොවූ බව පවසමින් ඊට එරෙහිව නීතිය හමුවට යාමේ සූදානමක්ද විපක්ෂය නිවේදනය කර ඇත.