ජනාධිපති අනුර දිසානායකට ජර්මනියේ රාජ්‍ය නායකයා වන චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙයර්ස් (Friedrich Merz) හමුවීමට වේලාවක් වෙන්කර ගැනීමට නොහැකිවීම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ලද දරුණු පරාජයක් බව විචාරක මතයවී තිබේ.
ඔවුන් පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මනියේ රැදී සිටි කාලය තුළදී ජර්මන් චාන්සලර්වරයා ඩෙන්මාර්කයේ අගමැතිවරිය හමුවීම ඇතුලු නිල රාජකාරි රැසක නිරතව ඇත.
එසේම ජනාධිපති මාධ්‍ය අංශය 2025 -06-10 නිකුත්කළ නිල නිවේදනය අනුව ද ජනාධිපති අනුර කුමාර දිසානයක ජුනි 11-13 නිරතවූයේ ජර්මන් නිල සංචාරයකය.
ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව එය සිදුවූවත් මෙකී සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙයර්ස් (Friedrich Merz) සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බව අදාළ නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබිණ. එසේම ජනාධිපති කාර්‍යාලය විසින් නිකුත්කළ නිවේදනයේ ද ඒ බව සඳහන් කර තිබිණ.
ඒ අනුව නිශ්චිත ලෙසම ජනාධිපති අනුර කුමාර දිසානයක සහ ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙයර්ස් අතර කෙටි හමුවක් හෝ ලබාගැනීමේ උත්සාහයක් ගත යුතුව තිබිණ. රටක ජනාධිපතිවරයෙකු තවත් රටක නිල සංචාරයකට පැමිණි විට, සත්කාරක රටේ රාජ්‍ය නායකයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය ද වෙයි.
එය දෙරට අතර සබඳතාවල වැදගත්කම සහ ගෞරවය විදහා දක්වන්නකි. එවැනි හමුවක් නිල වශයෙන් නිවේදනය කර තිබියදීත්, එය සිදු නොවීම බරපතල රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් සහ නොතකා හැරීමක් ලෙස සැලකීමට සිදුවන බව විචාරක මතය වී තිබේ. නමුත් මේ කිසිවක් නොතකන ආණ්ඩුවේ පාර්ශ්ව ජනාධිපති අනුර කුමාර දිසානයක සහ ජර්මන් ජනාධිපති ගේ හමුව මහා රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් සිටියි.
එහෙත් එය ආණ්ඩු හිතවාදීන්ට මේ දූපත තුළ හිත හදාගැනීමට ප්‍රමාණවත් විය හැකි වුවත් රටක් ලෙස සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. මන්ද ජර්මනියේ ජනාධිපතිවරයා යනු හුදෙක් රාජ්‍ය නායකයා වන අතර එය බොහෝ විට ගෞරවණීය තනතුරකි. ආණ්ඩුවේ ප්‍රධානියා වනුයේ චාන්සලර්වරයාය.
2025 මැයි මස 06 වනදා ධූරයේ රාජකාරි ආරම්භ කල චාන්සලර්වරයා 2029 මැයි මාසය දක්වා එකී ධුරය දරනු ලබයි. එනම් අනුර කුමාර දිසානයක දිසානායක ජනාධිපතිවරයාගේ ධූරකාලය පුරා ජර්මනියේ චාන්සලර්වරයා වනුයේ ෆ්‍රෙඩ්රික් මෙයර්ස් ය. නිල වශයෙන් හමුවක් සිදුවන බව නිවේදනය කර තිබී එය නොතකා හැරීම සම්බන්ධව නිශ්චිත ලෙසම මෙරට විදෙස් අමාත්‍යංශය අවධානය යොමුකළ යුතුව ඇත්තේද එනිසාය.