Home අද PMD ගැන තොරතුරු නොදී ජනාධිපති කාර්‍යාලය ඇඹරෙන්නේ ඇයි ?

PMD ගැන තොරතුරු නොදී ජනාධිපති කාර්‍යාලය ඇඹරෙන්නේ ඇයි ?

114
0

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ සිදුකර තිබෙන පත්වීම් සම්බන්ධව විමසා සිටියද නියමිත කාලය තුළ ඒ සම්බන්ධව තොරතුරු ලබාදී නොමැති බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයකු වන අනුරුද්ධ බණ්ඩාර මේ සම්බන්ධ, “ජනාධිපති කාර්‍යාලය මන්දගාමී වෙලාද?” යන ශීර්ෂයෙන් යුතූව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.


තොරතුරු දැනගැනීමේ අයිතිය යනු 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් (14A) සහ 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව තහවුරු කරන ලද අයිතිවාසිකමකි. රාජ්‍යකරණයේ පාරදෘෂ්‍යභාවය සහ වගවීම සනාත කිරීමෙහිලා පහුගිය කාලය පුරාම මෙම පනත විශාල කාර්‍යභාරයක් ඉටුකර ඇත.

කෙසේ වෙතත් වර්ථමානය වනවිට ජනාධිපති කාර්‍යාලය මගින් සිදු කරන තොරතුරු නිකුත් කිරීම් ඉතාම මන්දගාමී බව පෙනී යයි.

ජනාධිපති මාධ්‍ය අංශයේ අක්‍රමවත්භාවය , වෘත්තීමය නොවන ක්‍රියාකලාපය සම්බන්ධව පුරවැසියෙක් ලෙස විමර්ශනය කිරීමේ අරමුණින් 2025 මැයි 02 දින පහත තොරතුරු ඉල්ලීම යොමු කරන ලදී.

1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ)

ඊට අදාල ලැබුණු බව දැන්වීමේ ලිපිය 2025 මැයි 06 දින ලැබුනද දින 14ක් තුල ඒ පිළිබදව තොරතුරු ලබාදීමේ හෝ ප්‍රතික්ශේප කිරීමේ තීරණයක් දැනුම් දුන්නේ නැත.

ඒ අනුව මැයි 28 දින නම් කල නිලධාරියාට අභියාචනය කරන ලද අතර එය ලද බව දැනුම්දීමේ නිවේදනය ජූනි 02 දින එවා තිබුනි. ඉන් පසුව තවමත් කිසිදු ප්‍රතිචාරයක් නැත.

මේ සම්බන්ධව ඉදිරි පියවර අනුව නියමිත කාලයේදී තොරතුරු දැනගැනීමේ කොම්සමට අභියාචනා කෙරෙනු ඇත. එහෙත් කාර්‍යාලය සතුව දැනට පවතින ඉතා පැහැදිලි තොරතුරු පවා ලබා නොදෙමින් කාලය ගත කිරීම ඉතා කණගාරුදායක තත්වයකි.. පාරදෘෂ්‍ය රාජ්‍යකරණයක නම් මෙම තනතුරු වල ප්‍රධාන ඒවා හෝ වෙබ් අඩවියේම ප්‍රගාමී ලෙස ( Proactive Disclosure ) ලෙස හෙලි කල යුතු ඒවාය.

එසේ තිබියදී මෙම මන්දගාමී ලෙස කටයුතු කිරීමේ අරමුණ කුමක්ද යන්න ගැටළුසහගතය.

#RTI


 

 

Previous articleඉහළ පෙළේ පිරිසක් මාව අත්අඩංගුවට ගන්න යනවා – ගම්මන්පිල
Next articleකොළඹ මහ නගර සභාවේ හෙට විවෘත ඡන්දයක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here