Home අද පනවා ඇති කිසිදු බද්දක් මේ වසරේ අඩු නොකරනු – IMF දන්වයි :...

පනවා ඇති කිසිදු බද්දක් මේ වසරේ අඩු නොකරනු – IMF දන්වයි : විදෙස් ණය ඩොලර් බිලියන 5 කින් ඉහලට !

248
0

පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් මෙම වසරේ සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ. පසුගිය දා විදුලි බිල ගාස්තුව 15%කින් ඉහළ දැමීම හා ඊට අදාළ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන් බව රජයේ ඉහළ නිලධාරියෙක් උපුටා දක්වමින් “මව්බිම” වාර්තා කර ඇත.

ඊට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර තිබිණි. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි. කෙසේවෙතත් පසුගිය ජාතික මැතිවරණ පැවති සමයේ ජාතික ජනබලවේගය පක්ෂය, විදෙස් ණය අඩුකිරීම සහ බදු බර පහත දමන බවට පොරොන්දු පිට පොරොන්දු ලබාදුන් නමුත් ඒ සියල්ල වර්තමානයේ කඩවුණු පොරොන්දු බවට පත්ව තිබේ.

Previous articleඋපාධිධාරීන් රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න එපා : මේවට අපිත් වගකිවයුතුයි – ලාල්ට ඇත්ත කියවෙයි !
Next articleIMF දෙවනියා ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරකයක් සඳහා අද දිවයිනට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here