Home අද ජාතික රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් ?

ජාතික රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් ?

78
0

කොළඹ ජාතික රෝහලේ ඇතිවී තිබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන් රෝගී සත්කාර කටයුතු දැඩි ලෙස අඩපණ වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ ප‍්‍රතිජීවක ඖෂධ හිගය, දැඩි සත්කාර ඒකක උපකරණ හිගය, විකිරණ පරීක්ෂණ වාර්තා කිරීමේ මෘදුකාංග පද්ධතිය අක්‍රිය වීම ඇතුළු ගැටලු ගණනාවක් මීට බලපා ඇති බවය.

මෙම තත්ත්වය මාස කිහිපයක සිට වර්ධනය වෙමින් පවතින බවත් ශල්‍යකර්ම හා විකිරණ පරීක්ෂණ සඳහා පවතින පොරොත්තු ලේඛන ඉහළ යාමත් රෝගීන් දැඩි අසරණභාවයට පත්ව තිබෙන බවද ඔහු සඳහන් කරයි.

Previous articleකාලගුණය ගැනත් අවධානයෙන් ඉන්න : රතු නිවේදනයක් ඇවිත් !
Next articleඅනුරගේ සිහිනය ඉටුකිරීම : වටගල අසමත්වූ තැන ආණ්ඩුවේ පවර් ඒජන්ට්ලා ගොඩදායිද ? තීන්දුව 16 !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here