Home අද උපාධිධාරීන් රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න එපා : මේවට අපිත් වගකිවයුතුයි – ලාල්ට...

උපාධිධාරීන් රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න එපා : මේවට අපිත් වගකිවයුතුයි – ලාල්ට ඇත්ත කියවෙයි !

180
0

උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන්ද ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළත් එහි ප්‍රතිඵල දැන් පෙනෙන්නට ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. රජය රැකියා ලබාදීමේ ආයතනයක් නොවන බවද අවධාරණය කළ අමාත්‍යවරයා මේ රටේ කඩා වැටීමට තමන්ද ඇතුළුව සියලු දෙනා වගකිය යුතු බවද කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මහ ඉළුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනක් අමතමිනි.

රාජ්‍ය සේවයට මේ වසරේ 30000ක් බඳවා ගතයුතු වුවත් රජයේ රැකියා බලමින් නොසිටින ලෙස උපාධිධාරීන්ට පැවසිය යුතු බවද සඳහන් කළේය.

රජය රැකියාදීමේ ආයතනයක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා උපාධිධාරීන් සියල්ලටම රජයේ රැකියා දියව්, රාජ්‍ය ආයතන පුරවපියව් කියමින් පාරට බැස සටන් කළ බැවින් තම පාර්ශ්වයද ඊට වගකිවයුතු බවද සිහිපත් කළේය .

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දැන් දුන්නා දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කරන්න දෙයක් නැහැ උන්ට. ප්‍රාදේශීය ලේකම් තුමන්ලා කියනවා එන්න එපා බදාදට ඇවිල්ල අත්සන් කරලා යන්න. උඹල ගෙදර ඉන්න එක වාසී මෙහෙ එනවට වඩා. මෙහෙ ආවම පොඩි ෆෑන් එකක් හරි දාගන්න වෙනවා ලයිට් එකක් හරි දාන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා කරන මමත් ඔබත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි’.

කෙසේවෙතත් පසුගිය ජාතික මැතිවරණ හමුවේ ජාතික ජනබලවේගය පක්ෂය දිගින් දිගටම පොරොන්දු වූයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදෙන අතර එය ආණ්ඩුවේ වගකීමක් බවයි.

මෙතනින් නරඹන්න https://youtu.be/tOD62vrVqa4?t=2338

Previous articleපිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ!
Next articleපනවා ඇති කිසිදු බද්දක් මේ වසරේ අඩු නොකරනු – IMF දන්වයි : විදෙස් ණය ඩොලර් බිලියන 5 කින් ඉහලට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here