“ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස මට හිතලා , මට ඕන දේ කරන්න තිබුණා නම් ගෝඨාභය රාජපක්‍ෂ තවමත් මේ රටේ ජනාධිපති” බව සුදේව හෙට්ටිආරච්චි පවසයි. ඒ අනුව එහි වෙනසක් වනවා නම් ඒ පසුගිය ජනාධිපතිවරණයේදී බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ තමන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වුවත් එම ධූරයට අදාලව කටයුතු කිරීමේදී තමන්ට සීමා මායිම් තිබු බවයි.
ඒ පුද්ගලයන් කවුද යන්න දැන් පැවසීම තේරුමක් නැති දෙයක් බවද ඔහු සඳහන් කළේය.
තමන් හිරු නාලිකාවෙන් ඉවත්ව යන විට එහි සභාපති රේනෝ සිල්වා සමඟ ඉතාම හොඳින්ම සබඳතාව පවත්වාගත් කාර්‍ය මණ්ඩල සාමාජිකයා වූ බවත් තමන් කිසිදා ආයතනයෙන් ඉවත්ව යනු ඇතැයි සභාපතිවරයා අපේක්ෂා කර නොතිබූ බවත් සුදේව හෙට්ටිආරච්චි පැවසීය.
පසුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර භාරගනු ලැබුවේ තම වෘත්තීය ජීවිතය තුළ තමන් කවුද යන්න පෙන්වීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.