Home අද කාලගුණය ගැනත් අවධානයෙන් ඉන්න : රතු නිවේදනයක් ඇවිත් !

කාලගුණය ගැනත් අවධානයෙන් ඉන්න : රතු නිවේදනයක් ඇවිත් !

217
0

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුතකර ඇත.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු වන පරිදි රතු නිවේදනය නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදුප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව එහි දැක්වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

එම නිවේදනයන් පහත පරිදි වේ.

Previous articleවිපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් ඊයේ එකඟත්වයක්!
Next articleජාතික රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here