Home අද කොළඹ මහ නගර සභාවේ හෙට විවෘත ඡන්දයක්?

කොළඹ මහ නගර සභාවේ හෙට විවෘත ඡන්දයක්?

86
0

ජාතික ජන බලවේගය රාජ්‍ය බලය හා මූල්‍ය බලය යොදවා කොළඹ මහ නගර සභාවේ බලය ඩැහැගැනීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක නියැලී සිටින බවට විපක්ෂය චෝදනා කරයි. මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවට සැක පහළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මේ නිසා නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති පත්කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටීමට විපක්ෂයේ සියලු කණ්ඩායම් තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය බලය සහ මූල්‍ය බලය යෙදවීමට අමතරව නගර සභාවේ බලය පිහිටුවන හෙට දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සභාවට පැමිණීම වැළැක්වීමට මෙන්ම රහස් ඡන්දයක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බවට ඒ මහතා චෝදනා කළේය.

බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ කැමැත්ත මත ඔවුන් ඉල්ලා සිටින විවෘත ඡන්දය ලබාදීමට නිලධාරින් කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව ඊට ඉඩ නොදෙන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර දක්වා වූ ඉදිරි ක්‍රියාමාර්ග වෙත විපක්ෂය යොමු වන බවත් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articlePMD ගැන තොරතුරු නොදී ජනාධිපති කාර්‍යාලය ඇඹරෙන්නේ ඇයි ?
Next articleපිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here