Home අද වත්මන් ප්‍රතිපත්තියම වැරදියි : විදුලි බිල වැඩි කිරීම හැර විකල්පයක් මේ ආණ්ඩුවට...

වත්මන් ප්‍රතිපත්තියම වැරදියි : විදුලි බිල වැඩි කිරීම හැර විකල්පයක් මේ ආණ්ඩුවට නෑ – හර්ෂ

91
0

වත්මන් ආණ්ඩුව විදුලි බල පනත සංශෝධනය කිරීමට කටයුතු කරන ආකාරය අනුව විදුලි බල ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන අවස්ථා අහිමි කෙරෙන බවත් ඒ හේතුවෙන් විදුලි බිල අඩු කිරීමට අවස්ථාවද අහිමි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

වත්මන් තත්ත්වය අනුව විදුලි බල මණ්ඩලය සඳහා අයවැය මඟින් මුදල් වෙන්කිරීමට නොහැකි බැවින් ඒ ආශ්‍රිත ඕනෑම කටයුත්තක් සඳහා මුදල් සපයාගැනීම විදුලි බල මණ්ඩලය විසින් සිදුකර ගැනීමට සිදුව ඇති බව පෙන්වාදුන් මන්ත‍්‍රීවරයා ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ විදුලිය සඳහා වන පිරිවැය පියවා ගැනීමට නම් විදුලි බිල වැඩිකිරීම හැර වෙනත් ආකාරයක් නොමැති බවද අවධාරණය කර සිටියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ අදහස් දක්වා සිටියේ,විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පවසා සිටියේ පසුගිය ආණ්ඩුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා වූ කංචන විජේසේකර විසින් හඳුන්වාදුන් විදුලි බල පනත හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පුළුල් කිරීමට අවස්ථාව සලසාදී තිබූ බවයි.

එහිදී ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වශයෙන් විදුලි බල මණ්ඩලය කොටස් තුනකට අන්බන්ඩ්ල් කළ බවත්, එහිදී ජනන අංශය සැලකුවහොත් අයත් අන්බන්ඩ්ල් කර, එහි තිබූ මහවැලි ව්‍යාපාරයට අයත් රන්දෙණිගල , රන්ටැඹේ , කොත්මලේ , වික්ටෝරියා වැනි අප රට සතු ජලවිදුලි උත්පාදන සම්පත් වෙනම 100%ක් රජය යටතේ තබාගන්න කටයුතු කළ බවත් පැවසීය.

එය කිසිදා විකුණන්නේ නැති අතර එය 100%ක් රාජ්‍ය අධිකාරියේ පවත්වා ගන්නා අතරේ, නොරොච්චෝල මෙන්ම සුළං , සූර්‍ය ඇතුලු අනෙකුත් අංශ වෙනම සමාගම් බවට පත්කර ඒවා කොටස් වෙළෙඳපොළ ඇතුළුව පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව සලසාදී තිබූ බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඒ මඟින් අවශ්‍ය නම් ඒවයේ කොටස් ප්‍රමාණයක් නිකුත්කර ආයෝජන රැස්කර ගැනීමට අවස්ථාව සැලසීම සහ විවෘතව තැබීම වැදගත් තීරණයක් බවද පැවසීය.

එහිදී දේශීය ආයෝජකයකුට මෙන්ම විදෙස් ආයෝජකයකුට අවස්ථාව තිබූ බවද හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් වත්මන් ආණ්ඩුව විසින් ඉහත ප්‍රතිපත්තිය වෙනස් කර, මහවැලි ජලවිදුලි උත්පාදන, සූර්‍ය , සුළං ඇතුලු සියල්ල එක් සමාගමක් යටතට ගෙනවිත් සියල්ල රජයේ යටතට ගෙන ඇති බවත්, එමඟින් පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට අවස්ථාව අහිමි වන බවද සඳහන් කළේය.

මේ වන විටත් ග්‍රිඩ් එකෙහි අසමතුලිත භාවයක් ඇතිවන බැවින් බැට්‍රි ස්ටොරේජයක් අවශ්‍යව ඇති නමුත් ඒ සඳහා වැයවන ඩොලර් බිලියන 1.2 ක පමණ මුදල සපයා ගැනීමේ දුෂ්කරතාවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අයවැය ප්‍රතිපාදන මඟින් විදුලි බල මණ්ඩලයට මුදල් වෙන්කිරීමට නොහැකි හෙයින් එහි පිරිවැය පියවා ගැනීමට ආණ්ඩුව යොමුව ඇති ප්‍රවේශය තුළ ඩොලර් මිලියන 50ක් ගත්තද ඊට 9% ක වැනි ඉහල පොලියක් එකතු වන බව සඳහන් කළ මන්ත‍්‍රීවරයා වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ වන දුර්වලතාව නිසා බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව ඇනහිටින ආකාරයද පෙන්වා දුන්නේය.

ඒ මහතා අදහස් දැක්වූ වීඩියෝව මෙතැනින්

Previous articleඉල්ලා අස්වී මාස 6යි : අශෝක රන්වල ගේ ආචාර්‍ය උපාධිය කෝ ?
Next articleගොවියනි දඬු ලේනා පළිබෝධකයෙක් ලෙස සලකන්න : ජනතාවනි විදුලි බිලට හුරුවෙන්න – ලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here