ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.
එහි සඳහන් ආකාරයට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව තිබේ.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායකට උනුසුම් පිළිගැනීමක් ලැබුණු බවත් එහි සඳහන් කර ඇත.
මෙහිදි රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු යැයි පැවසූ බවත් එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ බවත් සඳහන් කර ඇත.
එසේම බිඳ වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවද රැස්ව සිටි පිරිස අමතා ජනාධිපතිවරයා පවසා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළ බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය
PMD සහ ජනාධිපති කාර්‍යාලය කියපු : ජනපති අනුර සහ ජර්මන් චාන්සලර් අතර හමුව කවදාද ?