Home අද මොකක්ද මේ අපලය : පොලිස් නිලධාරියෙකු අභිරහස් ලෙස මරුට !

මොකක්ද මේ අපලය : පොලිස් නිලධාරියෙකු අභිරහස් ලෙස මරුට !

74
0

ත්‍රීරෝද රථයක් තුළ පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් අද (14) උදෑසන සොයාගෙන ඇති අතර ඒ මීගමුව, කොච්චිකඩේ කම්මල් තොටුපොළ මුහුදු තීරයේදීය.

පොලිසිය පවසන ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් රියදුරෙකු වන ජයන්ත පුෂ්පකුමාර නම් වයස අවුරුදු 56ක් වන මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් විසින් කොච්චිකඩේ පොලීසිය දැනුවත් කර තිබේ.

ඒ අනුව කොච්චිකඩේ පොලීසිය හා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත

Previous articleශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න පෙර : විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍ය.සභාවට යවලා !
Next articleහිටි හැටියේම ධනවතුන් වුන බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සොයා පුළුල් පරීක්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here