විදුලි ගාස්තු වැඩි කිරීමේදී මෙන්ම අඩු කිරීමේදී ද ජනතාව ඊට හුරුවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
විදුලියට හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට පිරිවැයක් ඇති බවත්ල එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ රජයේ බීජ ගොවිපළ ආශ්‍රිත වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි .
මෙහිදි වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු විදුලිබිල අඩු කළ බවත් මේ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම පසුගියදා එළිදක්වනු ලැබූ කෘෂිකර්ම අමාත්‍යංශයේ සත්ව සංගණනය ගැනද අදහස් දැක්වූ ලාල් කාන්ත අමාත්‍යවරයා, එකී සංගණනයට අදාළ නිර්දේශ සම්බන්ධව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර ක්‍රියාත්මක වන බවද පැවසීය.
එසේම දඬුලේනා පළිබෝධයකු ලෙස සැලකීමට සිදුව ඇති බවත් ඒ අනුව වෙනත් පළිබෝධයන් ගැන ගොවීන් සිය වගාබිමේ ක්‍රියාත්මක වන ආකාරයට දඬුලේනුන් සම්බන්ධව ක්‍රියාකිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .