පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ යම් මන්ත්‍රීවරයෙක් පක්ෂය ලබා දී තිබෙන උපදෙස් වලට පිටින් කටයුතු කළොත් ඔහු වහාම පක්ෂයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට විපක්‍ෂයෙන් ඉදිරිපත්කරන රීසා සාරුක් මන්ත්‍රීවරයාට තම සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇති එජාප නාගරික මන්ත්‍රී රම්සි ටෝනි මහතා එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මිය හමුවට අද කැඳවා ඇත .
මෙම හමුවේ දී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පිළිබඳව යළිත් වතාවක් ඔහුව දැනුවත් කිරීමට නියමිතය.
විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පොදු එකඟතාවයක් ඇති කරගෙන තිබෙන අතර එම එකඟතාවයට අනුව එක්සත් ජාතික පක්ෂය තම මන්ත්‍රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම උපදෙස් සම්බන්ධව යම් ගැටලුවක් පවතින්නේ නම් පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල කෝරාල මහත්මිය සමඟ සාකච්ඡා කරන ලෙසද එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව පක්ෂයේ උපදෙස් පිළි නොගෙන කටයුතු කරන මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයේ පැවසීය.