අලුත්වැඩියා කටයුත්තක් සඳහා අද (12 ) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලය තුන්වන ජනන යන්ත්‍රය නතර කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
දින 25 ක කාලයකට ජනන යන්ත්‍රය නතර කළ ද එමඟින් විදුලි සැපයුමට කිසිදු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.
නොරොච්චෝලය 03 වන ජනන යන්ත්‍රය නතර කිරීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක් අහිමි වුවද එහි යන්ත්‍ර දෙකක් ක්‍රියාකාරීව පවතින නිසා විදුලිය සැපයුමට බාධාවක් ඇතිවීමට ඉඩක් නැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.