Home අද තේරී පත්වූ සභිකයන් 330කගේ නම් තවමත් මැතිවරණ කොමිසමට එවලා නෑ

තේරී පත්වූ සභිකයන් 330කගේ නම් තවමත් මැතිවරණ කොමිසමට එවලා නෑ

58
0

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 330කගේ නාම යෝජනා අදාළ දේශපාලන පක්ෂ විසින් තවමත් මැතිවරණ කොමිෂන් සභාව වෙත එවා නැති බව එම කොමිෂන් සභාව පවසයි.

තවදුරටත් ප්‍රමාද නොකර එම නාමයෝජනා එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදී දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ.

මෙතෙක් නම්කර එවන ලද සියලු සභිකයන්ගේ නම් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බව මැතිවරණ කොම්ෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

සභිකයන්ගේ නාමයෝජනා තවදුරටත් ප්‍රමාද කිරීමෙන් මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විවිධ ගැටලු මතුවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleමහා පරිමාණ යුධ ගැටුමක අවධානමක් – ජලය හා ආහාර ළඟ තබාගනිමින් ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින්න – ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයන්ට දැනුම්දීමක්!
Next articlePMD සහ ජනාධිපති කාර්‍යාලය කියපු : ජනපති අනුර සහ ජර්මන් චාන්සලර් අතර හමුව කවදාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here