Home අද ජනපති පොදු සමාවෙන් සිරකරුවෙකු නිදහස් කිරීම – අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අදත් උසාවියට!

ජනපති පොදු සමාවෙන් සිරකරුවෙකු නිදහස් කිරීම – අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අදත් උසාවියට!

92
0

පසුගිය වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාව අනීතික ලෙස යොදාගනිමින් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (13) උදෑසන යළි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද අත්අඩංගුවට ගෙන ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Previous articleකෙහෙලියට සහ ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි.
Next articleඉරාන ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරී ලෙස Ahmad Vahidi පත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here