Home අද ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම් හමුවේ තෙල් මිල ඉහළට !

ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම් හමුවේ තෙල් මිල ඉහළට !

126
0

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බව වාර්තා වේ.

අද(13) දිනයේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක්
ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි

Previous articleකොළඹ ඇතුළු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්න සජබෙට මුස්ලිම් කොංග්‍රසයේ සහාය
Next articleආණ්ඩුව බිස්නස් කළොත් : ආණ්ඩුවේ ගජමිතුරන් මහජන ධනය කාබාසිනියා කරනවා – මහාචාර්ය රොහාන් සමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here