2024 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී යාපනය ජයගැනීමට ජාතික ජනබලවේගය පක්ෂය සමත් වුවත් යාපනය මහ නගර සභාවේ නගරාධිපති ධූරය ඊට අහිමිව තිබේ.
ඒ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටවූ නිසාය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ තම පක්ෂයේ විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ බවය.
නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී ඇති අතර EPDPපක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය ඒ සඳහා හිමිව තිබේ.