Home අද කේරල සමුද්‍ර තීරයේදී අනතුරට පත් නෞකාවේ තිබූ ද්‍රව්‍ය මෙරට වෙරළට ගොඩගසයි

කේරල සමුද්‍ර තීරයේදී අනතුරට පත් නෞකාවේ තිබූ ද්‍රව්‍ය මෙරට වෙරළට ගොඩගසයි

46
0

පසුගියදා ඉන්දියාවට ඔබ්බෙන් වූ කේරළ සමුද්‍ර තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එච්.එම්.බී. අබේකෝන් මහත්මිය පැවසුවේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත් ඉහළ යාහැකි බව ද පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආර්.එච්.එම්.බී. අබේකෝන් මහත්මිය මහත්මිය වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි

Previous articleජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි !
Next articleඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරානය ප්‍රතිප්‍රහාර සඳහා සූදානම් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here