Home අද ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරානය ප්‍රතිප්‍රහාර සඳහා සූදානම් වෙයි

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරානය ප්‍රතිප්‍රහාර සඳහා සූදානම් වෙයි

66
0

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වේ.

‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇති අතර ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද ජෙනරාල් හුසේන් සලාමී මියගොස් ඇති බව තහවුරුකර තිබේ.

මෙම ප්‍රහාරයට ඉරානය ප්‍රතිචාර දක්වනු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙන අතර ඊට සූදානම්වීම වෙනුවෙන් ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම ඊශ්‍රායලයේ පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා තිබෙන අතර මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන අතර එම ප්‍රකාශයේ සඳහන් වෙන්නේ සතුරු ප්‍රහාරවලින් අණ දෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු දිවි පිදූ බවයි.

ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරය “අපරාධයක්” බවත්, ඊශ්‍රායලයට දැඩි දඬුවමක් ලබා දෙන බවත් එම නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබේ

Previous articleකේරල සමුද්‍ර තීරයේදී අනතුරට පත් නෞකාවේ තිබූ ද්‍රව්‍ය මෙරට වෙරළට ගොඩගසයි
Next articleඅනුරට වඩා මාලිමාව මිටියි…!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here