Home අද නලින්ද වාද්දුව සෙන්ට්‍රල් යද්දී : දැඩි ආරක්‍ෂක රැකවල් මැද හරිනි රෝයල් ගිහින්...

නලින්ද වාද්දුව සෙන්ට්‍රල් යද්දී : දැඩි ආරක්‍ෂක රැකවල් මැද හරිනි රෝයල් ගිහින් !

160
0

දැඩි ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ අගමැති හරිනි අමරසූරිය කොළඹ රාජකීය විද්‍යාලයේ වැඩසටහනක් සඳහා සහභාගී වීම සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවේචනය කෙරෙමින් පවතී.

ජාතික ජනබලවේගය ආණ්ඩුව පිහිටවූ සමයේ දේශපාලඥයයන් පාසල් තුළ පැවැත්වෙන උත්සව සහ වැඩසටහන් සඳහා සහභාගී නොවිය යුතු බව ප්‍රතිපත්තිය බව නිවේදනය කරමින් වැඩ ආරම්භ කළත් එය අමුඅමුවේ උල්ලංඝනය කිරීම මෙකී විවේචනයන්ගේ පදනම වී තිබේ.

එසේම  අගමැති හරිනි අමරසූරිය කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති මෙම වැඩසටහන සඳහා සහභාගී වීමේදී අති විශාල පොලිස් සහ ඇමති ආරක්‍ෂක බලකායක් රාජකාරි සඳහා කැඳවා තිබීමද පුදුමය දනවන සහ අසාමාන්‍ය සිදුවීමක් ලෙස සඳහන් කෙරෙමින් පවතී.

එහිදී එම පිරිස් පෙන්වාදෙන කරුණක් නම් රාජකීය විද්‍යාලයේ පන්ති කාමරයෙන් පන්ති කාමරයට බැගින් වන අති විශාල ආරක්ෂකයන් ප්‍රමාණයක් සේවයේ යොදවා තිබූ බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙන්නේ, යුද සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පැමිණියද මෙතරම් ආරක්ෂකයන් ප්‍රමාණයක් ඒ අවස්ථාවේදි හෝ යොදවා නොසිටි බවයි. එසේම  ගෝල්ෆේස් අරගලයට පසුව ජනාධිපති ධූරය භාරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද රාජකීය විද්‍යාලයේ වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගීවූ නමුත් ඒ අවස්ථාවේදි ද මෙතරම් ආරක්ෂකයන් ප්‍රමාණයක් යොදා නොතිබූ බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙතරම් ආරක්ෂකයන් ප්‍රමාණයක් පිරිවරා එන්නේ අගමැතිවරියගේ ආරක්‍ෂාව පිළිබඳව කිසියම් හෝ ගැටළුවක් හේතුවෙන් නම් මේ ආකාරයට අපහසුවෙන් පාසල් වෙත නොගොස් මාර්ගගත ක්‍රමවල සහායෙන් කටයුතු කළා නම් මහජන ධනය වැයවීම මෙන්ම සියළු පාර්ශ්වයන්ගේ දුෂ්කරතා අවම කරගැනීමට අවස්ථාව ඇති බවද ඔවුන් පවසයි.

කෙසේවෙතත් අගමැති හරිනි අමරසූරිය මෙසේ කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේ ආණ්ඩුවේ Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වන වැඩසටහනක් සඳහා වන අතර එහිදී ඇය දැක්වූ අදහස් පහත දැක්වෙයි.

“Clean Sri Lanka ව්‍යාපෘතිය මගින් කරන තවත් වැදගත් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්.මාර්ග අනතුරු අද වන විට රටේ විශාල ව්‍යසනයක් බවට පත්වෙලා. ඛේදවාචකය කියන්නේ මේ සියල්ල අපට වුවමනාව සහ කැපවීම තියෙනවා නම් වළක්වාගන්න පුලුවන් දේවල් වීමයි.

මාර්ග අනතුරු නිසා දවසකට හත් දෙනෙක් මිය යනවා, මේ ව්‍යසනය අපි නතර කළ යුතුයි. මාර්ග අනතුරුවලින් මියගිය, අබාධිත වුණ, තුවාල වුණ සියලු දෙනා මේ රටේ පුරවැසියන්, කාගේ හරි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක් සහෝදරියක් හෝ දරුවෙක් කවුරු හෝ අනතුරට පත් වෙනවා නම් ඒක මේ සියලු දෙනාටම බලපානවා. අනතුරු පිළිබඳ වාර්තා වන සංඛ්‍යා ලේඛන කියන්නෙ නිකම්ම ඉලක්කමක් විතරක් නෙමෙයි ඒ තුළ ලොකු කථාවක් තියෙනවා.

රිය අනතුරු වළක්වා ගන්නවා කින්නෙ නීතියට අවනත වීම පමණක් ම නෙමෙයි. තව කෙනෙක් ගැන හිතන, ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතන, සහකම්පනයෙන් යුතුව කටයුතු කරන සමාජයක් නිර්මාණය කිරීමත් අවශ්‍යයි. එවැනි ලස්සන රටක් නිර්මාණය කිරීමටයි රජය උත්සාහ කරන්නෙ.

දඬුවමට පෙර අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කරන්න පෙර ආදර්ශය, චෝදනාවට පෙර සැලකිලිමත් වීම අත්‍යවශයයි. දෙමව්පියන් ආදර්ශමත් වීම, රියදුරන් ජීවිත ආරක්ෂා කිරීමට කැපවීම, දරුවන්ට මාර්ග නීති පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම වගේම පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීම අවශ්‍යයි.”

මෙම අවස්ථාවට Clean Sri Lanka වැඩසටහන නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම් රසල් අපොන්සු, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව, යන ආයතනවල නිලධාරීන්ද, දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

නලින්ද සමරු ඵලකයේ හරිනිවත් එල්ලයි : සෝෂල් මීඩියා වීර කතාවකුත් කියයි !

Previous articleපාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් තවමත් නෑ : අනුරගේ කඩවුණු පොරොන්දුවෙන් කාදිනල් හිමි තැවෙයි !
Next articleලොවක් හඬවන සෙල්ෆියක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here