Home අද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි !

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි !

44
0

හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ලෙස විශිෂ්ට සේවයක් කළ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 91 වැනි වියේ පසු වූ ඒ මහතා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළේය.

1954 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස එවකට ලංකා හමුදාවට එක් වූ වනසිංහ මහතා, මූලික යුද පුහුණුව හැදෑරීම සඳහා එංගලන්තයේ සැන්ඩර්ස්ට් (Sandhurst) රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියෙකු ලෙස සිය සේවය ආරම්භ කළේය.

යුද හමුදාපති ලෙස පත්වීමට පෙර හමුදාවේ විවිධ තනතුරු රැසක් දැරූ වනසිංහ මහතා, 1988 වසරේදී මෙරට 11 වන යුද හමුදාපති ලෙස පත්විය. 1995 දී යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහු රටට සිය සේවය සපයනු ලැබුවේ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරමිනි.

ගම්පහ ප්‍රදේශයේ උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් ශිෂ්‍යභට බලකායේ සර්ජන්ට් මේජර් තනතුර දැරූ ඔහු, විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද විය. පාසල් සමයේ මෙන්ම හමුදාවේදී ද බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූ වනසිංහ මහතා සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලිය ද  නියෝජනය කර ඇත.

Previous articleලොවක් හඬවන සෙල්ෆියක් !
Next articleකේරල සමුද්‍ර තීරයේදී අනතුරට පත් නෞකාවේ තිබූ ද්‍රව්‍ය මෙරට වෙරළට ගොඩගසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here