ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරීයා ලෙස Ahmad Vahidi පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි ගිය අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද (13) අලුයම මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළ අතර එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.
එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන් වේ.
ඉරානය විසින් සිදු කරනු ලබන න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ