Home අද ලොවක් හඬවන සෙල්ෆියක් !

ලොවක් හඬවන සෙල්ෆියක් !

86
0

ඉන්දියාවේ අහමදාබාද්හිදී ඊයේ (ජුනි 12) සිදු වූ භයානක ගුවන් අනතුර ලෝක ඉතිහාසයට තවත් කඳුළු මතකයක් එක් කර තිබේ.

මෙම ඛේදවාචකයෙන් පසු, එහි ගමන්ගත් මගීන් කිහිප දෙනෙකුගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් පවතින අතර, රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඛේදනීය ඉරණම ලොව පුරා දැඩි සංවේගයක් ඇති කර ඇත.

නව ජීවිතයක් සොයා ගිය පවුලක් !

ආචාර්ය රතික් ජෝෂි මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. වසර 6ක් පුරා ලන්ඩනයේ ජීවත් වූ ඔහු, තම දරු තිදෙනා ඇතුළු පවුලට ලන්ඩනයේ සුව පහසු ජීවිතයක් ලබා දීමට වෙහෙසුණු උත්සාහවන්ත පියෙකි. වසර ගණනාවක කැපවීමෙන් පසු, ඔහු අවසානයේ තම ආදරණීය පවුල ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර, ඊයේ මෙම ගුවන් යානයට ගොඩ විය.

ඔහුගේ බිරිඳ, ඉන්දියාවේ වෛද්‍යවරියක වූ අතර, ඇය උදයිපූර් හි පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කර ඇත. මෙම ගමනට දින දෙකකට පෙර ඇය තම රැකියාවෙන් ඉල්ලා අස්වී තිබුණි.

අවසන් සෙල්ෆිය සහ නොසිතූ විපත !

ජෝෂි යුවළට වයස අවුරුදු පහක නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු සහ 8 හැවිරිදි දියණියක සිටියේය. නව ජීවිතයක් පිළිබඳ සියලු බලාපොරොත්තු පොදි බැඳගෙන ගුවන් යානයට ගොඩ වූ ජෝෂි පවුල, තම දරුවන් තිදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළේය. සිනහවෙන් පිරුණු එම ඡායාරූපය, අනතුර සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර ගත් එකක් වන අතර, එය ඔවුන්ගේ අවසන් සෙල්ෆිය වනු ඇතැයි ඔවුන් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. අද වනවිට එම සංවේදී ඡායාරූපය මුළු ලොවම කම්පාවට පත් කර තිබේ.

ඛේදනීය අවසානය

මෙම ගුවන් අනතුරෙන් එක් පුද්ගලයෙකු හැර යානයේ සිටි මගීන් 241 දෙනාම මරුමුවට පත් වූ අතර, ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනා ද ඒ අතර විය. අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබූ අතර, ඒ අතර ශ්‍රී ලංකාවට ද වරක් පැමිණ ඇති බව ඒ ගැන ලියවුණු සටහන් වල සඳහන් ය.

කෙසේ වුවත් මෙම ඛේදවාචකය, නව ජීවිතයකට පා තැබීමට සිහින මැවූ පවුලක බිහිසුණු අවසානය සනිටුහන් කරයි. එනිසාම ලොවක් හැඬවූ සෙල්ෆියක් ලෙස ජායාරූපය සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ

Previous articleනලින්ද වාද්දුව සෙන්ට්‍රල් යද්දී : දැඩි ආරක්‍ෂක රැකවල් මැද හරිනි රෝයල් ගිහින් !
Next articleජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here