Home අද කෙහෙලියට සහ ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි.

කෙහෙලියට සහ ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි.

76
0

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිලවන රුපියල් 240,000කට ආසන්න මුදලත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකොට තිබේ.

ඒ, මෙම නඩුව අද(13) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම්දුන් අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත් නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වන දා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය

Previous articleආණ්ඩුව බිස්නස් කළොත් : ආණ්ඩුවේ ගජමිතුරන් මහජන ධනය කාබාසිනියා කරනවා – මහාචාර්ය රොහාන් සමරජීව
Next articleජනපති පොදු සමාවෙන් සිරකරුවෙකු නිදහස් කිරීම – අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අදත් උසාවියට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here