හල්දුම්මුල්ල ප්රාදේශිය සභාවේ සභාපති පත්කර ගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පක්ෂය විසින් තම පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකුගේ සහාය ගෙන ඇති දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් පවසයි.
තම පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කළ අයට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන භවද ඔහු සඳහන් කළේය
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ මෙසේද සඳහන් කළේය.
අපි මුදල් වලට පක්ෂය පාවා දෙන්නෙ නෑ. සල්ලි දීලා කට්ටිය බාගන්න එක නවත්වන්න ඕන. එහෙම යනවා නම් මන්ත්රී කමෙන් ඉවත් වෙන්න ඕන. මේ සම්බන්ධව අපි නීතිමය ක්රියාමාර්ග ගන්නවා.
ඒ වගේම කොළඹ මහ නගර සභාවෙ NPP යට බහුතරයක් නෑ.ඒ නිසා කට්ටිය එකතු වෙලා බලය පිහිටුවන්න ඕන. ක්රමයට අනුව තමයි ඒක කරන්නේ.ඕන නම් ක්රමය වෙනස් කරන්න තිබුනා නේ.
දැන් අනිත් අයට දොස් කියලා වැඩක් නෑ නේ.
ඔන්න රිලා සංගනනයේ ප්රතිඵල නිකුත් කරලා , අපි කියන්නේ දැන් අපෙන් පනින අයගේ නම් ටිකත් ඔන රිලා වදුරු සංගනනනයට එකතු කරගන්න කියලයි.