Home අද නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දොරටු මාධ්‍යට වහයි : මාලිමාවට මාධ්‍ය වහකදුරු...

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දොරටු මාධ්‍යට වහයි : මාලිමාවට මාධ්‍ය වහකදුරු වෙලාද ?

112
0

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යට වාරණය කිරීම සම්බන්ධව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිය බරපතළ කනස්සල්ල ප්‍රකාශ කර සිටියි.

ඔවුන් පවසන ආකාරයට ඊයේ (11) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආවරණය කිරීමට අවස්ථාව ලබාදී නොමැත.

එහිදී අදාළ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා මාධ්‍යවේදීන් ශාලාව තුළට ඇතුල්වීමට පැමිණීමේදී නිලධාරීන් එය අවුරාලමින් මාධ්‍යට අවසර නොමැති බව දැනුම්දී ඇත.

ඒ සම්බන්ධව මාධ්‍යවේදින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ඇතුළු සියලු මන්ත්‍රිවරුන් දැනුවත් කළද ඔවුන් ඒ පිළිබඳ කිසිම තැකීමකින් තොරව කටයුතු කළ බවද ප්‍රදේශයේ මාධ්‍යවේදින් පවසයි.

සම්බන්ධීකරණ කමිටුව අවසාන වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට දොරවැසුණු හේතුව පිළිබඳව මාධ්‍යවේදීන් විසින් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීර ආරච්චිගෙන් විමසීමට කටයුතු කළ අවස්ථාවේදී ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මඟහැරීමට කටයුතු කළ බවටද චෝදනාවක් තිබේ.

නව රජය පත්වීමත් සමග පැවැති පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යවේදීන්ට සහභාගී වීමට අවස්ථාව ලබා නොදීමත් සමග උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයෙන් පසුව සම්බන්ධීකරණ කමිටු තුනකට මාධ්‍යවේදීන්ට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබුණ බවත් මාධ්‍යවේදින් සිහිපත් කරයි.

එසේම  ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ විපක්ෂයේ සිටියදී පරමාදර්ශී මාධ්‍ය නිදහසක් වෙනුවෙන් පෙනීසිටි ජාතික ජනබලවේගය පක්ෂය ආණ්ඩු බලය ලැබීමෙන් පසුව පැවති ආණ්ඩු වලටත් වඩා නරක තැනකට පත්වීමේ ලකුණු පෙන්නුම් කරන බවය.

Previous articleරනිල් කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රුසියාවට යයි!
Next articleරටම හොයපු රිලා සංගණන වාර්තාව මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here