Home අද එක්නැලිගොඩ ඝාතනය : සාක්ෂිකරුට තර්ජනය කළ විශ්‍රාමික බ්‍රිගේඩියර්ට වැඩ වරදියි !

එක්නැලිගොඩ ඝාතනය : සාක්ෂිකරුට තර්ජනය කළ විශ්‍රාමික බ්‍රිගේඩියර්ට වැඩ වරදියි !

61
0

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග කෙරෙමින් පවතින නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට සැකපිට බ්‍රිගේඩියර් (විශ්‍රාමික ) ශම්මි කුමාර යන අය අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සඳහා භාවිතා කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව, අදාළ අත්තඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අනතුරුව ඔහුව ඊයේ (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකාර විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

2010 ජනවාරි 24 වනදා මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අතර වාර්තා වන ආකාරයට මෙතෙක් පැවති විමර්ශන වලදී අනාවරණයවී ඇත්තේ, ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.

Previous articleඋතුරේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවන්න ප්‍රබල පක්ෂ දෙකක් එක්වෙයි
Next articleබන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here