Home අද පළාත් පාලන ආයතන රැසක බලය ගන්න සූදානම් : තලතා, තිස්ස, සාගර ,...

පළාත් පාලන ආයතන රැසක බලය ගන්න සූදානම් : තලතා, තිස්ස, සාගර , ලසන්ත එක මාධ්‍ය හමුවක !

74
0

ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරමින් විපක්ෂයට බහුතරය තිබෙන පළාත් පාලන ආයතන රැසක බලය ලබාගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පොදු එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බවත් අද (12) නිල වශයෙන් අනාවරණය කෙරිණ.

ඒ ඒකාබද්ධ විපක්ෂය විසින් අද එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරළ , සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක , පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් , ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහභාගීව සිටියහ.

එහිදී අදහස් දක්වමින් ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර සිටියේ පළාත් පාලන ආයතන රැසක නගරාධිපති , උප නගරාධිපති , සභාපති සහ උප සභාපති ධූර සඳහා පත්වීම් සිදුකරමින් බලය තහවුරු කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ එකමුතුවට අවස්ථාව හිමිව ඇති බවත් එය සුවිශේෂී තත්ත්වයක් වන බවත් ය.

මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ එකමුතුව පළාත් පාලන ආයතන වල බලය ලබාගැනීමට සීමා නොකර ඉදිරියට පවත්වා ගනිමින් මෙකී ආයතන හරහා ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට කැපවෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයක් ලෙස බලය අත්පත් කරගන්නා පළාත් පාලන ආයතන වල ඉදිරි කටයුතු සොයාබලමින් ඒවා නිවැරදිව මෙහෙයවීම සඳහා මෙකී විපක්ෂයේ එකමුතුව විසින් ජාතික කමිටුවක් සහ දිස්ත්‍රික් මට්ටමින් ඇතිකරන කමිටු හරහා ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

ගම සංවර්ධනය කිරීමේ සුවිශේෂී වැඩ කොටසක් පසුගිය දශක කිහිපය තුළ දියත්වූ බව සඳහන් කළ ඒ මහතා, ඒ වෙනුවෙන් කැපවූ පක්ෂ 4ක් අද මෙම මාධ්‍ය හමුව නියෝජනය කරන බවද පැවසීය

Previous articleමරණ 2යි – ස්වසන රෝගීන්ගෙන් 13%කට නව කොරෝනා : බයවෙන්නද ? එපාද ?
Next articleඅහමදාබාද් ගුවන් අනතුර : මියගිය ගණන 290 දක්වා ඉහලට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here