Home අද රටම හොයපු රිලා සංගණන වාර්තාව මෙන්න !

රටම හොයපු රිලා සංගණන වාර්තාව මෙන්න !

144
0

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

ඊට අනුව ,
රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.34

පමණ මෙරට වෙසෙති.

මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා.
විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.

 

 

විස්තර පත්‍රිකා මිලියන 7ක් මුද්‍රණය කර ඇති අතර ඒ අනුව එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා ශත 30ක මුදලක් වැය වී ඇති බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Previous articleනුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දොරටු මාධ්‍යට වහයි : මාලිමාවට මාධ්‍ය වහකදුරු වෙලාද ?
Next articleබන්ධනාගාරයට නව මාධ්‍ය ප්‍රකාශයකයෙක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here