ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී ඊයේ (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ අතර ඒ අවස්ථාවේදි යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිට ඇත.
ඉන් එක් මගියෙකු හැරෙන්න සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
කෙසේ නමුත් ගුවන් යානය අහමදාබාද් තොටුපොළෙන් පිටත පිහිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සිදුව ඇත.
ඉන්දීය පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මළසිරුරු අතර මගීන් සහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් යන දෙපාර්ශ්වයම සිටින බවයි.
මියගිය අය අතර අහමදාබාද් ප්‍රධාන නගරය වන ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටි ඇති බවද ඇතැම් මාධ්‍ය වල දැක්වෙයි.
එසේම යානය ගුවන් ගතවීමට පෙර සහ යානය තුළ සිට මගීන් සිය සංචාරය ගැන මෙන්ම ජීවිත අත්දැකීම් සම්බන්ධව සමාජ මාධ්‍යට මුදාහළ සිදුවීම් ඇතුළත් වීඩියෝ සහ ජායාරූප ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.