බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පත් කර තිබේ.
මෙම නව පත්කිරීම සිදුකර තිබෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.
හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ඉල්ලා අස්වීම බාරදී තිබෙන්නේ ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේය.