Home අද සියලු බන්ධනාගාරවල ලේඛන පරීක්ෂාවට CID කණ්ඩායම් 28 ක්

සියලු බන්ධනාගාරවල ලේඛන පරීක්ෂාවට CID කණ්ඩායම් 28 ක්

76
0

රටේ සියලු බන්ධනාගාරවල ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28 ක් යොදවා ඇත.

ජනාධිපති සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවල එක් පියවරක් ලෙස බන්ධනාගාර ලේඛන පරීක්ෂාව ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජනාධිපති සමාව යටතේ අතීතයේ සිට සිරකරුවන් නිදහස් කර ඇති අවස්ථා හා ඊට අදාළ ලේඛන මෙලෙස පරීක්ෂාවට ලක් කරනු ලබයි.

ජනාධිපති සමාව නොලැබූ සිරකරුවකු පසුගිය වෙසක් පෝය දිනයේ නිදහස් කිරීමේ සිද්ධිය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම සිද්ධියත් සමඟ ජනාධිපති සමාව ට පිටින් යමින් සිරකරුවන් නිදහස් කර ඇති බවට විවිධ මත පල වන්නට වූ අතර
මෙම පරීක්ෂණයේදී ඒ පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදුකර සත්‍ය හෙළි කර ගැනීමට අපේක්‍ෂා කරන බව ඉහත පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleබන්ධනාගාරයට නව මාධ්‍ය ප්‍රකාශයකයෙක් !
Next article” එයාර් ඉන්දියා” ගුවන් යානයක් මගීන් 242ක් සමග කඩාවැටේ (VIDEO)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here