මචං සීවලී,
මුණත් ටිකක් දේශබන්දුගෙ වගෙයි.
ඒ නිසා මෙි ටික කියන්න හිතුණා.
මචං සීවලී, මතකද දේශබන්දුව.
ඔයා වගේමයි.
හෙන දසයා.
රාජපක්ෂ ආන්ඩු තියෙන කොට
උන්ට කඩේ ගියා.
කරන්න තියෙන ඔක්කොම පක්කලිකම් කලා.
රනිල් ජනාධිපති වුනා.
කරන්න කිව්ව ඔක්කොම පක්කලිකම් කලා.
ඉතින් වැඩබලන පොලිස්පති කමක් හම්බවුණා.
අන්තිමේට හිරේ ගියා, බලය අවභාවිතා කලා කියලා.
දන්නවා නේද තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස්,මිනිහත් එහෙමයි.
දේශපාලකයන් මයික් එකක් ඉස්සරහ කියපන් කියන ඕන ගොං කතාවක් හිරිකිතයක් නැතිව කිව්වා.
දැන් ඔයා !
ඒ පාරෙම යනවා.
ඇයි අනේ ඇත්ත කියන්න බැරි, වෙච්චදේ වුනා, කරන්න ඕනේ නැවත වෙන එක වලක්වා ගන්න එකනේ.
මං කියන්නද වෙච්චදේ,
හරිනම් හරි කියන්න, වැරදිනම් වැරදියි කියන්න.
රේගුව කියන්නේ හොර ගුහාවක්නේ,
ඒක ඔයත් දන්නවා,අපිත් දන්නවා, ජනාධිපතිත් දන්නවා.
“ඇල්ලුවත් සල්ලි, අත ඇරියත් සල්ලි ” කියලනෙ කියන්නේ “
ආන්ඩුවට ඕන වුනා, ආව ගමන් රේගුව සුද්ද කරන්න, සුද්ද කරන්න කිව්වට හොරු අල්ලන්න නෙමෙයි, හොරකම් කරන එක නවත්වන්න.
ඔයාලා කලේ මොකද්ද, එන පොට හොඳ නෑ කියලා තේරුම් අරන් ආන්ඩුව ඇන්නුවා.
නැවෙන් කන්ටේනර් බාන එක ස්ලෝ කලා.
කන්ටේනර් ලොරි වලට පටවන එක ස්ලො කලා.
ලොරි පිරික්සා කරලා වරායෙන් පිට වෙන ස්ලො කලා.
කරලා හැදුවා කෘත්‍රිම තදබදයක්.
හිරු සහ දෙරණින් පැයෙන් පැය තත්ත්වය වාර්තා කලා.
ලොරි කාරයෝ, වාප්පු ලියන්නෝ අම්බානක වොයිස් කට් දෙනවා.
නැව් හෝ ගාලා හරවං යනවා.
දවසට පාඩුව රුපියල් බිලියන මෙච්චරය කියලා ආර්ථික විචාරකයො TV එකේ උදේ හවා පෝග්රෑම්.
ආන්ඩුව කලබල වුනා.
දැම්මා කැබිනට් කොමිටියක්,
ප්‍රශ්නය නිරාකරණය කරන්න.
ඒකේ සභාපති අපේ බිමල් මල්ලි.
මුලින් යෝජනා කලා, පැය 24 ම රේගුව වැඩ කරලා කන්ටේනර් ක්ලියර් කරන්න.
එක දවසයි දෙකයි, පාන්දර දෙක වෙනකොට කට්ටිය සික්, කවුරුත් නෑ, එහෙම ඇඟ රිදවාගෙන රට හදන්න රේගු නිලධාරීන් කැමතිවුණේ නෑ.
ඊළගට තමයි ඔය චෙක් නොකර ගොඩගැහිලා තියෙන කොන්ටේනර් නිදහස් කරමු කියන යෝජනාව ආවේ.
රේගු නිලධාරීන් ඒ කන්ටේනර් එක්ක රතු ලේබල් ගහලා තියෙන, සැක සහිත කන්ටේනරුත් එලියට යැව්වා.
මේක නික්ම් බන්ධනාගාර කොමසාරිස්ලා ජනාධිපති සමා හිරකාරයන් අස්සෙ ගහලා ක්‍රිමිනල් හිරකාරයන්ව නිදහස් කලා වගේ වැඩක්ම තමයි.
හැබැයි බන්ධනාගාර කොමාලාට දාන සත්තම රේගු කොමාලාට දාන්න ආන්ඩුව බයයි.
මොකද මුන් වර්ජනය කලොත් දවසට බිලියන ගානක් රටට පාඩු වෙනවා.
අල, සීනි රටතුල හිඟ වෙලා මිනිස්සුත් කෑ ගහනවා, ඒකටත් ආන්ඩුව ගු බයයි, ඇයි ජනතා ආන්ඩුව කියලනෙ නාමකරණය කරන් ඉන්නේ, එයාලට පොඩ්ඩක්වත් රිදෙන්නත් බෑ.
අන්තිමට රේගුව දින්නා, ආන්ඩුව පැරදුණා. දැන්වැඩේ පරණ විදියටම යනවා.
” ඇල්ලුවත් සල්ලි, අත ඇරියත් සල්ලි “
මුන් කරපු ලොකුම බලුකම තමයි,
අර Press Conference ” එක.
ඒක තියලා කිව්වා
” බුදු අම්මෝ, මෙන්න ආන්ඩුව අපිට සුවාදීනව වැඩ කරන්න දෙන්නෙ නැතියෝ,
පරිස්සා කරන්නෙ නැතිව කන්ටේනර් මුදා හරින්න බල කරනෝ,
දැන්ටමත් එහෙම භයානකයි කියලා රෙඩ් ලේබල් ගැහුව කොන්ටේනර් රාශියක් නිදහස් කලෝ, ඒවයේ, මත්ද්‍රව්‍ය, අවි ආයුධ, හොර ඖෂධ තිබෙන්න හැකිය, අපිනම් දන්නෙ නැතෝ ” කියලා ලෝකයටම කිව්වා.
සීවලි මචං, ඔයත් ඒ සංගමේම යාවජීව සාමාජිකයෙක්නෙ,
ඇයි ඉතින් එදා එහෙම කියලා දැන් මේ කසල සෝධන වැඩ කරන්නේ.
(පැන්සන් ගිය ගමන් බෙල්ජියම් තානාපති කාර්යලයෙ ජොබක් සෙට් කරලාය කියලා එහෙන් මෙහෙන් කතාත් ආරංචි වෙනවා.)
හැබැයි ආන්ඩුව මේ කරන්නේ මෝඩ වැඩක්.
දැන් ආන්ඩුවට හොඳ පූර්වාදර්ශයක් තියෙනවා, ජනතාවට ඇත්ත කිව්වොත් ඕන දෙයක් ගොඩදාගන්න පුළුවන් කියලා.
ඔය වෙසක් දවසෙ නිදහස් කරපු හිරකාරයා, “අඥේ නෑ, අපේ අනුර වගේ උගත් බුද්ධිමත් දක්ෂ නායකයෙක් අතින් එහෙම වරදක් වෙන්නම බැරිය, ඕවා පච පච” කියලා හෝදන්න ගියානම් ආන්ඩුව බලුවෙන බලුවිල්ල හොයාගන්න බැරිවෙනවා.
ඒවුනාට වෙච්චි දේ ඇති සැටියෙන් ජනතාවට කිව්ව නිසා අනුරව ජනයා නිදොස් කොට නිදහස් කලා.
නැත්නම් ශුවර් එකටම තිලකරත්නව අනුරගෙ පුංචි අම්මගෙ පුතා කරලා තමයි නවතින්නෙ.
එහෙනම් දැන් මොකද කරන්න ඕනේ ?
මහ ලොකු දෙයක් නෙමෙයි,
ඇත්ත කියන එක.
ඇත්ත කියලා හානිය අවම කරන එක.
ඒක කෙහොමද කරන්නේ, ඔය රතු ලේබල් කන්ටේනර් දැන් ගියතැන් වලට ගිහිල්ලා ඇරලා බඩු පිටට ගිහිල්ල ඉවරයි.
දැන් කරන්න ඕන බුද්ධි නිලධාරීන් මගින් Survilance එකක්.
දිගටම අවුරුද්දක් දෙකක් හරි Followup කරන්න ඕන.
ඒවා අහිංසක කොන්ටේනර් නෙමේය කියලා පෙන්වන්න දහයක පහලොවක හරි හොරබඩු අල්ලන්න ඕන.
අවි ආයුධ, කුඩු කොහොම වෙතත් , වාහන අමතර කොටස්, ලක්ෂරි ගෘහ භාන්ඩ, සිගරට්,අරක්කු වගේ ඒවාවත්.
වෙනනම් පුතො ගොඩ යන්න ක්‍රමයක් නෑ,
පත්තු වෙන දවසට මෝල්ගසුත් පත්තු වෙනවා හොඳේ
මේ වගට නිලංග සමරසිංහ
– චමීර නිලංග සමරසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි