පසුගිය රජය සමයේ මෙරටට ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව හිටපුුු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (11) සවස පැමිණ ප්‍රකාශයක් ලබාදී මීට සුළු මොහොතකටට පෙර පිටව ගොස් ඇත .
ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එවකට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමතිවරු කිහිපදෙනෙක්ගෙන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබේ