බණ්ඩාරවල නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව ඇත.
මේ සඳහා අද (11) පැවති ඡන්ද විමසුමේදී ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර දීර මහතා වැඩි ඡන්ද හතරක් ලබා නගරාධිපති ධූරයට පත්ව තිබේ.
බණ්ඩාරවල නගර සභාවේ ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධූර 06 ද, ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රීධූර 05 ද, සමගි ජන බලවේගයට මන්ත්‍රී දුර 03 ද, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට හා ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධූර එක බැගින්ද හිමිව තිබිණි.