Home අද හිටපු ජනාධිපති රනිල් CID යට !

හිටපු ජනාධිපති රනිල් CID යට !

42
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සිදුකර ඇති කැඳවීම අනුවය.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ කෙහෙළිය රඹුක්වැල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleමත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී
Next articleකසිප්පු නඩුවට උරණවූ මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී පොලිස් සැරයන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here