Home අද විදුලි ගාස්තු සංශෝධනය අද !

විදුලි ගාස්තු සංශෝධනය අද !

50
0

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

2025 වසරේ දෙවන අර්ධය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත්කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය හෙවත් 18.3%ක වැඩිවීමේ යෝජනාව මහජන අදහස් හා යෝජනා වෙනුවෙන් විවෘත කිරීමෙන් පසුව මෙතෙක් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යයනයට ලක්වෙමින් තිබිණ.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය 18.3%ක මිල වැඩිකිරීමක් යෝජනා කර ඇතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධාරණය වී තිබෙන්නේ විදුලි මිල පිරිවැය ආවරණය වන ආකාරයට සූත්‍ර ගත කළ යුතුව ඇති බවයි.

ඒ අනුව පැවසෙන්නේ 30%ක පමණ මුදලකින් විදුලි මිල ඉහල දැමීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාව බවයි.

එතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කර තිබෙන විස්තීර්ණ ණය පහසුකමේ මීළඟ වාරිකය ප්‍රමාද කර තිබේ.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක සඵත කර සිටියේ තම ආණ්ඩුව යටතේ ඉතා කෙටි කාලයක් තුළ විදුලි මිල 1/3කින් අඩු කරන බවයි.

මැතිවරණ සමයේ එසේ පොරොන්දු දෙනු ලැබුවද මැතිවරණයෙන් පසුව පසුගිය සමයේ විදුලි ගාස්තු අඩු කරගැනීමට හැකිවූයේ ආණ්ඩුවේ කැපවීමෙන් නොව, ජනතාවගේ සක්‍රීය දායකත්වය සහ මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීමත් නිසාය.

Previous articleඅමාත්‍යාංශ හතරක් සඳහා වැඩ බලන අමාත්‍යවරු!
Next articleජාතික ජන බලවේගය බණ්ඩාරවෙල නගර සභාවේ බලය පිහිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here