Home අද විදුලි ගාස්තු 15% කින් දැනෙන්න ඉහළ දමයි !

විදුලි ගාස්තු 15% කින් දැනෙන්න ඉහළ දමයි !

100
0

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි  2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව හෙට (12) සිට විදුලි බිල 15%කින් ඉහල යාමට නියමිතය.

කෙසේ වුවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර තිබුණේ 18.3% ක විදුලි ගාස්තු වැඩි කිරීමකි.

මෙසේ විදුලි මිල ඉහල දැමීමට බලපෑ කාරණය ලෙස ඉස්මතු කෙරුණේ මණ්ඩලය පාඩු ලැබීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලිය පිරිවැය ආවරණය වන ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබීමය.

එසේම  අදාළ සංශෝධන ක්‍රියාත්මක කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමෙහි මීළඟ වාරිකය ද නිදහස් නොකරන බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ සමඟ පවතින විදුලි ගාස්තු 1/3කින් අඩු කිරීමට හැකි අතර එය ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටුවා ඉතා කෙටි කලකින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා නියමිත වැඩපිළිවෙල සකස්කර අවසන් බවටත් ජනාධිපති අනුර කුමාර දිසානයක පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුව ද කඩවුණු පොරොන්දුවක් බවට පත්ව තිබෙන බවට පාරිභෝගිකයන් මැසිවිලි නගයි

Previous articleඋපුල්දෙණියට වැටුපෙන් භාගයක් ගෙවන්න කැබිනට් අනුමැතිය : අද අධිකරණයටත් ඉදිරිපත් කරයි !
Next articleදෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා විදුලි බිල වැඩි වෙන්නේ නෑ – ඇමති නලින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here