ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මාණු නිල සංචාරයක නිරතව සිටීම හේතුවෙන් අමාත්‍යාංශ හතරක් සඳහා වැඩ බලන අමාත්‍යවරු පත්කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින අමාත්‍යංශය සඳහා ද වැඩ බලන ඇමතිවරු පත් කර ඇත.
මුදල් සහ ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , ඩිජිටල් ආර්ථික වැඩ බලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න , ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර , විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක වැඩ බලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු පත්කර ඇත.