විපක්ෂයට බහුතර බලය හිමිව ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂය ලබාදී ඇති උපදෙස් නිසියාකාරව පිලි නොගෙන කටයුතු කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්‍ෂය ඔවුන්ගේ සියලූම මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම් දීමක් කර ඇත.
විපක්ෂයට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඇති පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු පත්කර ගැනීමේ දී විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කර සියලු පක්ෂවලට පිළිගත හැකි නිර්ණායකයන් සකස් කර තිබෙන බවත් මන්ත්‍රීවරු ඒ අනුව ක්‍රියාකළ යුතු බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
සභාව පිහිටුවීමේ දී එම නිර්ණායකයන්ට අනුව මන්ත්‍රීවරු විසින් විවෘත ඡන්දයක් ප්‍රකාශ කළ යුතු බව ඉල්ලා සිටීම, ඒ වෙනුවෙන් සිය චන්දය පාවිච්චි කිරීම , පළාත් පාලන ආයතනවල තනතුරු සඳහා විපක්ෂය විසින් නම්කර ඇති මන්ත්‍රීවරු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම , ඇතුළු නිර්දේශ රැසක් ලබා දී තිබෙන බව ඒ මහතා සඳහන් කලේය.
පක්ෂයේ විසින් ලබා දී ඇති මෙම නිර්ණායකයන්ට පටහැනිව යම් මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් කටයුතු කරන්නේ නම් ඒ අයට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ කළමනාකාර කමිටුව ඒකමතිකව තීරණය කළ බව අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.