Home අද පත්තරෙන් විස්තරේ දැක්ක ගමන්ම අපි ක්‍රියාත්මක වුනා – අධිකරණ ඇමති

පත්තරෙන් විස්තරේ දැක්ක ගමන්ම අපි ක්‍රියාත්මක වුනා – අධිකරණ ඇමති

122
0

ජනාධිපති සමාව ලබාදීම අනුමත කර තිබූ ලේඛනයේ නම සඳහන් නොවූ සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධ සිදුවීම පුවත්පතේ දුටු විගස තමන් ක්‍රියාත්මක වූ බව බන්ධනාගාර කටයුතු විෂය අයත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

පුවත්පතක පලවූවක් එකවර විශ්වාස කිරීමට අපහසු බැවින් ඒ සම්බන්ධව පුළුල්ව සොයා බලා එදින සවස 6.30 වන විට ජනාධිපති කාර්‍යාලයට වාර්තාවක් යැවූ බවද ඔහු පැවසීය.

එහදී ප්‍රශ්නගත සිදුවීමට අදාළ තැනැත්තාගේ නම එහි සඳහන් නොවූ බැවින් ඒ සම්බන්ධව වැඩිදුර නීති ක්‍රියාමාර්ග ගැනීමට යොමුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කොළඹ පැවති සාකච්ජාවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අතර මීට පෙර ආණ්ඩු යටත් ද මෙවැනි කටයුතු සිදුව ඇති බවද පැවසීය.

එසේම  මෙකී සිදුවීම පාදක කර ගනිමින් විෂය භාර අමාත්‍යවරයා වූ තමන් ඇතුලු ආණ්ඩුව විවේචනය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද මෙහිදී පෙරළා විවේචනය කෙරිණ

Previous articleබන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් !
Next articleදයාසිරි සහ ගම්මන්පිලට වටගල රතු එළි දල්වයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here