Home අද උපුල්දෙනිය අලුත්කඩේට ගෙනෙයි : රට හොල්ලපු අනුරාධපුරේ අතුල මිසිං !

උපුල්දෙනිය අලුත්කඩේට ගෙනෙයි : රට හොල්ලපු අනුරාධපුරේ අතුල මිසිං !

439
0

වැඩ තහනමට ලක්ව , අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගැනිණ.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතික ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව පසුගිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පුද්ගලයාව ඊයේ (09) රාත්‍රියේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නමුත් මේ වනතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැති බවද වාර්තා වෙයි.

Previous articleශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ සම්මානලාභී ක්‍රිකට් තරු මෙන්න
Next articleඋපුල්දෙනිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here