Home අද කිසිඳු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකළ එජාපයට සභාපති ධුර 4ක්

කිසිඳු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකළ එජාපයට සභාපති ධුර 4ක්

1105
0

පසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිදු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකලද පළාත් පාලන ආයතනය 04 ක සභාපති ධූර එම පක්‍ෂයට හිමිව ඇත.

විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන අයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතර ඇති කරගත් එකඟතාවය මත මෙම සභාපති ධූර එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.

ඒ අනුව පෑලියගොඩ, මදුරාවල, මහඔය සහ රත්තොට යන ප්‍රාදේශීය සභාවල සභාපති ධූර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත.

මීට අමතරව නගර සභා මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල උප සභාපති ධූර රැසක් ද එක්සත් ජාතික පක්ෂයටලැබී ඇත.

ඇතැම් පළාත් පාලන ආයතන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ආයතන 178 ක බලය පිහිටුවීමට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් එම පක්‍ෂයට හිමිව නොතිබිණි.

මෙම ආයතන වල විපක්ෂයට බහුතර බලයක් හිමිවී තිබෙන අතර බලය පිහිටුවීම සම්බන්ධව විපක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර සභාපති, උප සභාපති ධූර බෙදා ගනිමින් එම ආයතනවල බලය පිහිටුවීමට සාමූහික එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

එම එකඟතාවය මත විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සහ ඒවා පවත්වාගෙන යෑමට  සැලසුම් කර ඇත.

Previous articleදයාසිරි සහ ගම්මන්පිලට වටගල රතු එළි දල්වයි !
Next articleශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ සම්මානලාභී ක්‍රිකට් තරු මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here