Home අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතමුන් නීති විරෝධි ලෙස සිරකරුවන් නිදහස් කරලා – අනුර

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතමුන් නීති විරෝධි ලෙස සිරකරුවන් නිදහස් කරලා – අනුර

121
0

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස සිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මිහින්තලා පුද බිමේදී අද (10) පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානයක මෙසේද පැවසීය.

“පොලිසියේ ඇතැමුන් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්වෙලා. පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස සිරකරුවන්ට නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා.

මේ ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවෙයි. එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟපෙන්වීමක් ලබා ගත හැකියි.

ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප මේ රාජ්‍ය ආයතන නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍යයි. මේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුයි”

Previous articleඋපුල්දෙනිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !
Next articleDearo Investment සමාගම BWIO සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here