Home අද මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි ජනාධිපති අනුර කුමාර දිසානයක !

මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි ජනාධිපති අනුර කුමාර දිසානයක !

89
0

ජාතික ජනබලවේගය පක්ෂයේ නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානයක ට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි’ ගෞරව නාමය පිළිගන්වා ඇත.

අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී ජනාධිපති අනුර දිසානායක ට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් විසින් මෙකී ගෞරව නාමය ප්‍රධානය කෙරිණ.

වාර්තා වන ආකාරයට මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

එහෙත් රාජ්‍ය පොසොන් උත්සවයට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ මේ සම්බන්ධව වාර්තා කිරීම මඟහැරී ඇත.

නමුත් මේ ගෞරව නාමය පිළිගැනීමත් සමඟ රාජ්‍ය උත්සව ඇතුලු උත්සව අවස්ථා වලදී ජනාධිපති අනුර කුමාර දිසානයක , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර කුමාර දිසානයක ලෙස හැඳින්වීමට අවස්ථාව උදාවේ.

මීට පෙර මෙවැනි ගෞරව නාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතද පිරිණමා තිබූ අතර ඇතැම් උත්සව වලදී ඔහුව ආමන්ත්‍රණය කිරීමටත් එකී ගෞරව නාම යොදා ගැනිණ.

Previous articleසීවලී අකුරුගොඩ අත්අඩංගුවට ගන්න: ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් !
Next articleඇතැම් රාජ්‍ය ආයතන තුළ කුඩා අධිරාජ්‍ය හදාගෙන : අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here