Home අද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ සම්මානලාභී ක්‍රිකට් තරු මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ සම්මානලාභී ක්‍රිකට් තරු මෙන්න

77
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09)පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

2024 වසරේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමීම සිදුවිය.

2024 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිදු මෙන්ඩිස් විසින් හිමි කර ගත් අතර ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තු විසින් හිමි කරගත්තාය.

එමෙන්ම එම වසරේ 20 යි 20 හොඳම පිතිකාරිනිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ද චමරි අතපත්තු සම්මානය දිනා ගත්තාය.

එම වසරේ හොඳම එක් දින පිතිකරු සම්මානය පැතුම් නිශ්ශංක දිනාගත් අතර වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මානයට පාත්‍ර විය.

චරිත් අසලංක වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තේය.

එම වසරේ 20 යි 20 හොඳම පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් ද හොඳම පන්දු යවන්නා හා තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිදු හසරංග සම්මානය හිමිකර ගත්තේය

Previous articleකිසිඳු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකළ එජාපයට සභාපති ධුර 4ක්
Next articleඋපුල්දෙනිය අලුත්කඩේට ගෙනෙයි : රට හොල්ලපු අනුරාධපුරේ අතුල මිසිං !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here