Home Uncategorized Dearo Investment සමාගම BWIO සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Dearo Investment සමාගම BWIO සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

39
0

Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු,  මධ්‍ය පරිමාණ (MSME) මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම සහ විශිෂ්ටම ව්‍යවසායකත්ව මූල්‍ය සමාගම යන සම්මාන තුන ඔවුන්ට හිමි විය.

Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා වෙත සම්මාන පිරිනමන ලදී. නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය උපයෝගී කර ගනිමින් පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයන Dearo Investment සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත.

පෞද්ගලික සහ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමවල පටන් සුහුරු ආයෝජන සැළැසුම් දක්වා වන සෑම මූල්‍ය සේවාවක්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් සකසා තිබේ. එම සමාගම දැනට පවතින සහ ආරම්භක අදියරේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත.

කැපවීමෙන් යුතු වෘත්තිකයන් කණ්ඩායමක් හරහා ප්‍රයෝගික සහ ඉදිරිගාමී මූල්‍ය විසඳුම් සපයන Dearo Investment සමාගමට අයත් රට පුරා පිහිටි ශාඛා ගණන 30කට අධිකය. තවත් ශාඛා රැසක් ඉදිරියේදී ඇරැඹීමට සැළැසුම් කර ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය බල ගැන්වීම සිය ප්‍රමුඛ අරමුණ කර ගත් එම සමාගම වර්තමානයේදී මූල්‍ය සේවා, නීති, ව්‍යාපාර සහාය, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග, වාහන, කෘෂිකාර්මික සහ වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි සිය ව්‍යාපාර පුළුල් කර තිබේ. ප්‍රසන්න සංජීව මහතාගේ නායකත්වයෙන් ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් බවට පත් වී ඇති Dearo Investment සමාගම තව දුරටත් සිය නිෂ්පාදන සහ සේවා පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සිටී.

ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නෙරංජන් වර්ණසූර්ය, තිළිණි කල්හාරි ඒකනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් අධ්‍යක්ෂ මණ්ඩලය සමාගමේ අභිවෘද්ධියට සුවිශාල දායකත්වයක් දක්වයි. ව්‍යාපාර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල දියුණුවට අනුග්‍රහය දක්වන මූල්‍ය ආයතනයක් ලෙස එය රට පුරා ප්‍රසිද්ධය.

Previous articleබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතමුන් නීති විරෝධි ලෙස සිරකරුවන් නිදහස් කරලා – අනුර
Next articleසීවලී අකුරුගොඩ අත්අඩංගුවට ගන්න: ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here